ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (5) වාර්තා වූ අතර එම ගණන 24,000 ඉක්මවා ගියේය.
ඒ අනුව අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 24,850ක් විය.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 6,73,165ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ ගණන 4,09,083ක් වේ. වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 2,44,814කි
එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 19,268කි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය වන අතර එම ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 2,00,064කි. තමිල්නාඩුවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 1,07,001ක් වන අතර දිල්ලියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 97,200කි.
ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වී තිබූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 35,312ක් ලෙස දැක්විණි.
අසල්වැසි පාකිස්තානයෙන් අද වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,25,283ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,59,679කි.
එන්.ඩී.ටීවී.
- 055
- 055