(ටී.කේ.ජී.කපිල)

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39 ක් සහ මයික්‍රොපෝන් 16 ක්  කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ  අත් අඩංගුවට පත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසීය .

මෙම ඩ්‍රෝන යානා ආනයන බලපත්‍ර , විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය නොමැතිව රැගෙන විත් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .