ඉන්දියාවේ 1200ක් වකුගඩු විකුණලා


වකුගඩු ජාවාරමක්  සම්බන්ධයෙන්  සැකපිට බන්ධනාගාර ගත කර සිටින අට දෙනා  යළි රිමාන්ඩ් කරන ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (04) නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ ලක්ෂාන් ඩයස් මහතා පැවසුයේ ඔවුන් සියලු දෙනාගේ වකුගඩුවක්ම පරිත්‍යාග කළ බවයි.  පසුගිය වසර  හතරකදී කාල සීමාව තුළ ඉන්දියා ජාතිකයන්  එක්දහස් දෙසීයකට  වඩා  වැඩි  පිරිසක්  ලංකාවේ  ප්‍රධාන පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුගේ නිර්දේශය මත වකුගඩු ලබාදී  ඇති  බවත් ඔහු පැවසුවේය.

සැකකරුවන්  කඩ කර ඇත්තේ ආගමන විගමන නිති පමණක්  බවද නිතිඥවරයා ප්‍රකාශ කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය ස්ථානාධිපති නෙවිල් සිල්වා මහතා විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් එම ජාවාරාම සම්බන්ධ අතරමැදිකරුවන් ගැන පරික්ෂණයක්  කරන බවත් කීවේය. සැකකරුවන් ළඟ තිබුණ ලේඛන ගැන ජාත්‍යන්තර  පරික්ෂණයක් කරන  ලෙස අධිකරණය පොලිසට නියෝග කළේය.