වැඳිරියක, ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගම්බද ප්‍රාදේශීය රෝහලකට ප්‍රතිකාර සදහා පැමිණීමේ පුවතක් එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
වැඳිරිය රෝහලට පැමිණ ඇත්තේ උගේ පැටියා ද තුරුළු කරු ගනිමිනි. මෙම සිද්ධිය බොහෝ දෙනා මවිත කිරීමට සමත් වූ අතර, ප්‍රතිකාර ලබා ගැනීමට ආ වැඳිරියගේ වීඩියෝ දසුන් එන්.ඩී.ටීවී. හරහා ද ප්‍රසිද්ධියට පත් වී ඇත.
එන්.ඩී.ටීවී පුවත් සේවය වාර්තා කරන ආකාරයට සිද්ධිය මෙසේය.
බිහාර් ප්‍රාන්තයේ සසරාම් ෂහිජාමා ප්‍රදේශීය රෝහලට මෙම වැඳිරිය පැමිණ, එහි වෛද්‍යවරයාගේ කාමරයට ගොස් රෝගීන්ගේ ඇඳට ගොඩවී වෛද්‍යවරයාට ඉඟි කර ඇත්තේ ප්‍රතිකාර ලබා දෙන ලෙසය.
රෝහලේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ එම්.එස්. අහමඩ් ය. මුලදී වැඳිරිය ඉගි කළ දේ තේරුම් ගැනීමට ඔහු සමත් වී නැත.
ඉතා ඕනෑකමින් වැඳිරියගේ මුහුණ දෙස බලද්දී, මුහුණ සීරී තුවාල වී ඇති බව වෛද්‍යවරයාට දකින්න ලැබී තිබේ. වැඳිරිය බොහෝ සේ බියට පත් වී සිටි බව ද පැවැසෙයි.
වෛද්‍යවරයා සෙමින් කිට්ටු වී, තුවාලය පරීක්ෂා කර ඊට බෙහෙත් ගැල්වූ බවත්, බෙහෙත් ගල්වනතුරු වැඳිරිය නිසොල්මනේ සිටියාය. වෛද්‍යවරයා බෙහෙත් ගල්වා අවසන් වීමෙන් පසු පිටගැස්ම එන්නතක් ද වැඳිරියට ලබා දී ඇත.
වෛද්‍යවරයා වැඳිරියකට ප්‍රතිකාර කරනවා යැයි ආරංචි වීමත් සමඟ රෝහල අවට ගම්වැසියන් එය නැරැඹීමට රෝහල වටා රොක් වූ බව ද එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)