ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ පවුල් වෙත තම ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් සමාජ ජාල ගිණුම් ඔස්සේ පණිවිඩයක් තබා ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.
ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලංකා රජය හා එහි ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද ඉන්දීය අගමැතිවරයා මෙහි සදහන් කර ඇත. ඉදිරියේදී සියලු සහාය ලාංකික ජනතාවට ලබාදීමට සූදානම් බවත් ඉන්දීය අගමැතිවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියා සිටියි.
පීඩාවට පත් ජනතාව සඳහා ඉන්දීය නාවික හමුදා යාත්‍රා 2ක් සහනාධාර සමඟ මෙරටට ඒවා ඇති බවත් වාර්තා වෙයි.