ඉන්දීය ධීවරයන් හයක් නාවික හමුදා දැලේ


කල්පිටිය බත්තලංගුණ්ඩුව මුහුදේ දේශ සීමා නීති උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනකු මසුන් කිලෝ 200ක් සමග අත්අඩංගුවට ගත් බව විජය නාවික හමුදා කඳවුර පවසයි.

ඉන්දියාවේ රාමේෂ්වරන් සිට පැමිණ එසේ මසුන් ඇල්ලූ ධීවරයින් පිරිස පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට බාරදුන් බව කියති.