ඉන්දු - ලංකා ධීවර කතා දෙමාසෙකින් කල් යයි


ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා ඔක්තෝබර් මාසය දක්වා කල් ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට සඳහා උතුරේ හා දකුණේ ධීවරයන් නියෝජනය කරමින් කණ්ඩායමක් අද (25) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ අතර ධීවර නියෝජිතයන් ඉන්දියාව බලා ගිය ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර හා විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර  යන මහත්වරු ඉන්දියාව බලා යෑම ප්‍රමාද වන බැවින් එම සාකච්ඡා පසුවට කල් දමා ඇත.