ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ %මොරණ කඩදාසි^ ටෙලිනාට්‍යයේ %කල්පනා^ගේ චරිතයට පණ පෙවූ බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රියත්වට පත් ඉඳුනිල් නුගවෙල, ගායිකාවක ලෙසද මේ වනවිට ගායන ක්ෂේත්රයට පිවිසී සිටින්නීය. ටෙලිනාට්‍යය නිළියකට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද නමක් දිනා සිටින ඉඳුනිල්, ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන වැඩසටහන් කිහිපයකම ඉදිරිපත් කරන්නියක ලෙසද කටයුතු කරන්නීය. ගෙවුණු අප්‍රේල් 13 වැනිදා ඇයට පුදුමය දනවන සිද්ධියකට මුහුණපාන්නට සිදුවිය. ඒ ඇයගේ ගීත 6ක් එක්වරම එදින එළිදැක්වීමට අවස්ථාව උදාවී තිබීමය. මේ පිළිබඳව 'සාරවිට' අපිට ඉඳුනිල් මෙසේ අදහස් දැක්වූවාය.
"මගේ අලුත් ගීත කිහිපයක් පසුගිය කාලේ පටිගත කළා. නමුත්, මේ ගීත මම එකින් එක එළිදක්වන්න තමයි සැලසුම් කරලා තිබුණේ. නමුත්, අප්‍රේල් 13 වැනිදා මා නොදැනුවත්ව මේ ගීත සියල්ලම එළිදක්වලා තියෙනවා. ඇත්තටම එය මට පුදුමය දනවන්නක් වුණා. මේ එළිදැක්වුණ ගීත ගැන සඳහන් කරනවා නම් 'මා නෙතු දැහැනේ' ගීතය මා විසින් පද රචනා කළ ගීතයක්. එහි සංගීතය නිර්මාණය කළේ රංග ප්‍රනාන්දු. 'පොඩි කාලේ අම්මේ' පද රචනා කළේ රසික චාමර. ඔහුම පද රචනා කළ තවත් ගීතයක් තමයි 'කඳුළ ළඟ තියා' ගීතය. ඒ ගීත දෙකත් සංගීතවත් කළේ රංග ප්‍රනාන්දු. මම පද රචනා කළ තවත් ගීතයක් තමයි 'මං මුලාවී' ගීතය. රංග ප්‍රනාන්දු තමයි එහිත් සංගීත නිර්මාණ කටයුත්ත සිදුකළේ. ඩිලාන් ගුණවර්ධනගේ කඩවත පිහිටි 'DIVINE STUDIO' හි තමයි මේ ගීත සියල්ලම පටිගත කළේ. මේ ගීත අතරින් එක් ගීතයකට ගීත රූප රචනාවක් කරන්නත් අදහසක් තියෙනවා. මේ සියලුම ගීත දැන් යූ ටියූබ් හරහා මගේ ආදරණීය රසික, රසිකාවියන්ට අසන්න නරඹන්න පුළුවන්.*
බුද්ධික සේනාධීර