ඉරණවිල මුහුද රළු වෙයි-නිවාස රැසක් මුහුදට බිලි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග ඉරණවිල වෙරළ තිරය දරුණු ලෙස ඛාදනයට ලක්වෙමින් පවතින බව ධීවර ජනතාව පවසති.

මේ වන විට ඉරණවිල මුහුදු තිරයෙ කිලෝ මිටරයකට ආසන්න දුරක් මේ වන විට මුහුදු ඛාදනයෙන් වැනසි ඇති බව ධීවරයෝ පවසති.

මුහුදු ඛාදනයත් සමග වෙරළ තිරය ආසන්නයෙ පිහිටි නිවාස රැසක් මේ වන විට මුහුදු ඛාදනයට ලක්වි ඇති අතර පොල් ගස් රැසක්ද මුහුදට ගසාගෙන යන බව ජනතාව පවසති.

මෙම මුහුද ඛාදනයත් සමග වෙරළ තිරයෙ පිහිටි හලාවත සිට වයික්කාල දක්වා මුහුදු බඩ මාර්ගයද දැඩි අවධානමකට ලක්වි ඇති බව බව කියයි.

මේ සියල්ල හමුවේ තමන්ට ධීවර කටයුත ලට යාමටත් ඒමටත් ධීවර යාත්‍රාවක් වෙරළට දැමිමට අපහසු වී ඇති බව ඔවුහු පවසති .