ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක


ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ. 

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ පාකිස්තානයට අනතුරු ඇඟවූයේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණ සිටිද්දී, පාකිස්තාන රජය සහ ඉරානය අතරේ වභාපාරික ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමත් සමඟය.

(ඒ.එෆ්.පී.)