
රුසියන් යුක්රේන දේශසීමාවේ, රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබ සිටින යුක්රේනයේ ඔලෙෂ්කි නමැති නගරය සඳහා පමණක් ඉකුත් ඔක්තෝබර් 29 වැනිදා සිට තාවකාලික සටන් විරාමයක් ක්රියාත්මක විය.
රුසියන් පාර්ශ්වය සහ යුක්රේන පාර්ශ්වය මෙම සටන් විරාමයට එකග කර ගැනීමට සමත් වී ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ බිරිද වන මෙලානියා ට්රම්ප් සහ ඇගේ නියෝජිත කණ්ඩායම බව පැවැසෙයි.
රුසියන් හමුදා 2022 දී යුක්රේනයට එරෙහිව හමුදා ක්රියාමාර්ගයක් ගෙන යුක්රේනයේ නැගෙනහිර ප්රදේශ ආක්රමණය කළ අවස්ථාවේදී පළමුවෙන් අල්ලා ගත් නගරවලින් එකක් වන්නේ ඔලෙෂ්කිය.
රුසියන් යුක්රේන යුද්ධයට පෙර, 24,000ක් පමණ ජීවත් වූ ඔලෙෂ්කි නගරයේ මේ වන විට 1,700ත් 2,000ත් අතර පිරිසක් සිටින අතර, ඔවුන්ගෙන් බහුතරය වයෝවෘද්ධ අය බවත්, නගරයේ කොටු වී සිටින ඔවුන්ට හරිහැටි ආහාර හෝ ඖෂධ නොමැති බවත් පැවැසෙයි.
ඔලෙෂ්කි නගරයේ යුක්රේන බස කතා කරන මෙන්ම රුසියන් බස කතා කරන වැසියන් සිටින අතර, ආරම්භ වුණු මෙම සටන් විරාමය අතරතුරේ රුසියන් හිතවාදී වැසියන්ට රුසියාවට යෑමට ඉඩ සැලසෙනු ඇති බවත්, යුත්රේන බස කතා කරන ඔලෙෂ්කි වැසියන් ආරක්ෂිතව යුක්රේනයේ ඕනෑම තැනකට රැගෙන යෑමට පහසුකම් සලසා දෙනු ඇති බවත් පැවැසෙයි.
ඔලෙෂ්කි නගරය වෙනුවෙන් පමණක් සටන් විරාමයක් ඇති කර ගැනීමට මෙලිනායා සමත් වීම ගැන ට්රම්ප් මාධ්ය හමුවේ ද පවසා ඇත. රුසියන් රජයේ නියෝජිතයන් මෙන්ම, යුක්රේන රජයේ නියෝජිතයන් ද මෙලානියා සහ ඇගේ නියෝජිත කණ්ඩායම මැදිහමත් වී, සටන් විරාමයක ආරම්භ කළ බව තහවුරු කර ඇත.
සටන් විරාමය අතරතුරේ රුසියන් සහ යුක්රේන නියෝජිත කණ්ඩායම් වෙන වෙනම මානුෂීය ආධාර නගරයට යෑමට ද තීරණය කර ඇති බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd