හායි කියනකොටත් චාඕ.. බායි කියන කොටත් චාඕ.. හැබැයි මැරෙන කොටත් චාඕ කියන්න පුළුවන්ද දන්නේ නැහැ.
ඒ ඉල්හාම් හොසේන් අධ්‍යක්ෂණය කළ චාඕ අවසන් වන විදිය.
රචනය සහ අධ්‍යක්ෂණය - ඉල්හාම් හොසේන්
රංගනය - දසුන් පතිරණ සහ තුමිඳු දොඩන්තැන්න
කැමරා අධ්‍යක්ෂණය - දිමුතු කාලිංග දහනායක
ඉතාලි යන තරුණයො දෙන්නෙකුගෙ හීන බොඳ වෙන හැටි, කතා පසුබිම් එක්ක අපි ඉස්සරහ මැවෙනව. ඒක කොතරම් අපා දුකක්ද.. ආපහු හැරිල යන්න හිතෙන අනන්ත වාර ගණන.. බෝට්ටුවක හොරෙන් රට පනින්න හැදුවෙ නැතත් අපේ හිතේ මැවෙනව.
අධ්‍යක්ෂකවරයා මේක කරන්නෙ ඉතාලි තානාපති කාර්යාලයෙන් කරපු කෙටි චිත්‍රපට උළෙලකටයි. ඒකෙ මාතෘකාව වෙන්නෙ නිතිවිරෝධී සංක්‍රමණය. ඒක කරන්න ගද්දි සිනමා උළෙලේත් අරමුණ වුනු මිනිස්සුන්ව දැණුවත් කිරීමේ අරමුණින් සිදුකළත්, ඒක කරද්දියි ඒකෙ බරපතලකම තේරුණේ කියලා ඔහුගේ වදනින්ම ඔහු කියනවා. සැබෑ නිර්මාණයක් වෙනුවෙන් ඔවුන් මේ වෙනුවෙන් කළ අධ්‍යයනයන් මටද ඔබටද දැනෙන බිය වඩා වැඩියෙන් දනවන්න ඇති.
මෙය හිරු සිනමා උළේලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙසත්, දෙරණ සිනමා උළේලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙසත්, ඉතාලි ශ්‍රී ලංකා කෙටි චිත්‍රපට උළෙලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙසත් සම්මාන දිනාගන්නවා.