අගෝස්තු 12 වැනිදා තිරගතවීමට නියමිත ආක්ෂේ කුමාර්ගේ "රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ඉලේනා ඩී කෲස් මේ දිනවල ෆිජී දූපත් හි නිවාඩුවක් ගත කරන්නට ගොස් තිබෙන බව %රෙඩිෆ්^ වෙබ් අඩවිය සඳහන් කරයි.
ඇය මෙහි ගොස් ඇත්තේ ඇයගේ ඔස්ට්‍රේලියානු පෙම්වතා වන Andrew Kneebone සමගය. ඉලේනා මෙසේ මෙම ෆීජි නිවාඩුව ගත කිරීමට ගොස් ඇත්තේ ඉන්දියාවේ ස්ථාන කිහිපයක පැවැත්වීමට නියමිතව තිබූ %රස්තම්^ චිත්‍රපටයේ ප්රචාරක කටයුතු කිහිපයක්ද අත්හැර බව එහි සඳහන්. ඉලේනා "රස්තම්" චිත්‍රපටය තුළින් සිය බොලිවුඩ් සිනමා ප්‍රේක්ෂයන් හමුවන්නේ අවුරුදු 2කට පසුව වීමද විශේෂත්වයකි.