ඉහලකංහිදිගම වැවට දෙන්නෙක් බිලි


 (සිඩ්නි රුවන් )

කහටගස්දිගිලිය ඉහලකංහිදිගම වැවේ දියනෑමට ගොස්සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතිබව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

මෙසේමියගොස් ඇත්තේ පූජාපිටිය පදිංචි 34 හැවිරිදි ඩී.ඩී. එච්.ජී.ධනුශ්ක නාලක කුලරත්න  හා 24 හැවිරිදි පොල්ගහවෙල පදිංචි අයි.එම්.රංගන ලසන්ත බණ්ඩාර යන  අවිවාහක තරුණයන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනාගේ පෑස්සුම්කරුවන් ලෙස රැකියාව කර ඇතැයිද කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

මිය ගිය තරුණයන් දෙදෙනා  කහටගස්දිගිලිය කිරීබ්බෑව ප්‍රදේශයේ හාල්මෝලක නඩත්තුකටයුත්ක් සදහා මීට දින කිහිපයකට ඉහතදී මෙහිපැමිණ  ඇති අතර ඔවුන් ඊයේ  නිවාඩු දිනයක් හේතුවෙන් තවත් පුද්ගලයෙකුසමග ඉහල කංහිදිගම වැවේ දියනෑමට ගොස් ඇත. එහිදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.