ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් කිරීමට, කටාර් රාජ්‍යය මැදිහත් වී සකස් කළ යෝජනාවට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇති බවත්, ඊශ්‍රායලය ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට නියමිත බවත් කටාර් විදේශ අමාත්‍ය මජිද් අල් අන්සාරි පවසයි.
යුද ගැටුම් නැවැත්වීමට හමාස් නියෝජිතයන් සහ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සම්බන්ධ කරමින්, කටාර් රජය පසුගිය සති ගණනාව පුරාවට දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡා මේ වනවිට අවසන් අදියරට ළං වී ඇතැයි කටාර් විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.