
(අංජුල මහික වීරරත්න)
උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව ලිඛිත විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන්ට අදාල ප්‍රායෝගික පරීක්‍ෂණ ඔක්තෝබර් 10 සිට 20 දක්වා පරීක්‍ෂණ මධ්‍යස්ථාන 44 කදී පැවැත්වීමට කටයුතු සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාසල් අයැදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර අදාළ පාසල් වල විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද තැපෑල මගින් යොමු කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
ඊට අමතරව ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්‍ෂකයින් සිටී නම්, විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය ඔස්සේ 2026.10.07 දින සිට ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත.
මෙම විභාගය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් තිබේ නම්, ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ 0112784208, 0112784537 දුරකථන අංක වලින් දැන ගත හැකි අතර [email protected] විභාග දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපෑලයි.

