දින හතරකට පසුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (21) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
කොටුව - බදුල්ල සහ බදුල්ල - කොටුව රාත්රී තැපැල් දුම්රිය දෙක හැර බදුල්ල - කොටුව හා කොටුව - මහනුවර අතර ධාවනය වීමට නියමිත සියලු දුම්රියන් හෙට (21) සිට ධාවනය කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි සමරසිංහ මහතා පවසයි.