උඩුවේ ධම්මාලෝක හිමි සී.අයි.ඩී.යට


උඩුවේ ධම්මාලොක හිමි අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. මාදුළුවාවේ සොභිත හිමියන්ගේ අපවත් වීම සැක සහිතත බව කියමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම කට උත්තරයක් ලබා ගත් බව රහස් පොලිසි ආරංචි කියයි.  

එහිදී ධම්මාලෝක හමියන් මාධ්‍ය හමුව් ප්‍රකාශ කළේ සොභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සාමාන්‍ය ඒවා නොවන බව නීති විශාරදයින් ප්‍රකාශ කළ බවත් එම කරුණු වගකීමකින් ඉදිරිපත් කළ බවත්ය.

'මාව විනාශ කරන එක නවත්තලා මේ ගැන සොයා බලන්න එක්වෙන්න' යැයි ධම්මාලෝක හිමියෝ පැවසූහ.

GLA_0721 GLA_0752 GLA_0783