උණ්ඩ ලෙඩෙන් ඉතාලි යන්න බැරිවෙයි


දෝහා කටාර් ඔස්සේ ඉතාලිය බලා පිටත් වු ශ්‍රී ලාංකික ගුවන් මගියකුගේ  ගමන් මල්ලක බැරි වීමකින් 9.එම්.එම්  උණ්ඩ දෙකක් තිබි ගුවන් තොටුපළ ආරක්ෂක අංශය විසින් සොයා ගැනීමත් සමඟ ඔහු දෝහා ගුවන් තොටුපළෙන් නැවත හරවා එවා තිබු බව පොලීසිය පවසයි.

පසුගිය 03 දා සැකකරු අත්අඩංගුවට ගෙන  මීගමුව අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් දුෂ්යන්ත එපිටවල මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරුණු අතර මෙම නඩුව ලබන ජුලි 29 දිනට කල් තැබිණි.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ  ලුණුවිල වර්ණකුල සූරිය සුරංග මනෝජ් කුමාර ප්‍රනාන්දු (35) නම් අයෙකි.