උතුරු මැද පළාත් සභා පාසල් ලබන සඳුදා සිට යළි පස්වරු 1.30ට වසන බව කලාප අධ්‍යාපන කාර්යාලය කියයි.
දැඩි අව් රශ්මිය නිසා අනුරාධපුර හා පොළොන්නරු පාසල් පස්වරු 12ට වසා දැමිණි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල පැවසූයේ මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කමිටුව තීරණය කැර තිබුණේ පාසල් 2.30 – 3 පමණ වනතුරු වසා නොදමන ලෙසත් තවත් සෞඛ්‍යමය උපදෙස් ලබාදුන් බවත්ය.
සවස්වරුවේ දැන් ටිකින් ටික රජරටට වැසි ලැබෙන බව කාලගුණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.