උතුරු සබේ ෆෙඩරල් යෝජනාව කල් යයි


සිංහල හා දෙමළ භාෂා  පදනම් කරගත් ප්‍රාන්ත දෙකක  ෆෙඩරල් රාජ්‍ය   යෝජනාව පිළිබඳ   ඡන්ද විමසීම ලබන 28 වැනි දා දක්වා කල් තැබූ බව පළාත් මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි.

සභාපති සී වී කේ සිවඥානම් විසින් ෆෙඩරල් රාජ්‍යයක් සඳහා වූ යෝජනාව සම්බන්ධයෙන් රැස්වීම ආරම්භයේ දී කරුණු දක්වමින් කියා සිටියේ එම යෝජනාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කෙටුම්පත් සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිසා ඒ සියල්ල සම්පූර්ණ කොට ලබන 28 වැනිදා   පළාත් සභා සැසි වාරයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට සභාවට දැනුම් දුන් බවයි.