වව්නියාව පුත්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ උතුරු දකුණු අධ්‍යාපන චාරිකාව යටතේ අද (29) කොළඹට ආහ. ඔවුන් පිළිගැනීමේ උත්සවය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.
උතුරු දකුණු මිත්‍රත්වය වර්ධනය කිරීම, රටේ සුන්දරත්වය ඔවුනට පෙන්වීම හා යුද්ධය නැති ප්‍රදේශවල සිදු වී ඇති සංවර්ධනය පෙන්වාදීම මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණ බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජනක රත්නායක මහතා කීවේය.
මෙසේ චාරිකාවේ යෙදුණු 14 වැනි කණ්ඩායමට මේ පිරිස අයත් බව ද ඔහු කීවේය.