උතුරේ පිරිසක් මිය ගිය ඥාතීන් සමරති


 අවසන් යුද ගැටුම් හේතුවෙන් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හිදී මියගිය ඥාතීන් හා ජනතාව සිහිකරමින්  යාපනය චෙම්මණි හින්දු කෝවිල අසල පහන් දල්වා විශේෂ දේවමෙහෙයක් අද (12)  පැවැත්විණ.

උතුරු කෘෂිකර්ම අමාත්‍ය පි.අයිගරනේෂන්, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්  මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා යුද්ධයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් එය සිදු විය.

යුද්ධයේ මුල් වකවානුවේ යාපනය චෙම්මිණි මංසන්ධිය අසලදී සිවිල් ජනතාව විශාල ප්‍රමාණයක් දිවි පිදූ බවත් එම ජනතාව සිහිකරමින් මෙලෙස පහන් දැල්වීම සිදුකරන බවත් උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය.