උතුරේ මත්ද්‍රව්‍ය උතුරයි


උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය ඉහළ ගොස් ඇති බවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ  සංඛ්‍යා ලේඛන වලින්ද පෙනී යන බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය.

යුද්ධය අවසන් වුවත් ජනතාවගේ ප්‍රශ්න විසඳී නොමැති හෙයින් ඔවුන් මුහුණ පා සිටින මානසික ගැටලු මෙම මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් පළාත් ඇමැතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම, නීති දැඩිකිරීම අනිවාර්ය විය යුතු අතර පොලීසිය, මහජන සංවිධාන ඇතුළු සෑම පාර්ශ්වයක්ම උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට එක්විය යුතු බවද ඔහු පැවසීය.