ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා කැනඩාවට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවෝ යාපනය මොල්ලිපුරම් සහ ඉලවාලෙයි ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 24 ත් 33 ත් අතර තරුණ, තරුණියෝ වෙති.
මින් දෙදෙනකු සොහොයුරියක සහ සොහොයුරකු වන අතර ඔවුහු තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ 731 දරණ ගුවන් යානයෙන් තුර්කිය හරහා කැනඩාව බලා යාමේ අරමුණින් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
එහිදී තුර්කි ගුවන් සමාගමේ නිලධාරියෙකු විසින් මොවුන්ගේ ගුවන් ගමන් බලපත් සහ වීසා පරික්ෂා කිරීමේදී ඇති වු සැකයක් මත ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් අනතුරුව මොවුහු අත් අඩංගුවට ගෙන තිබේ.
මේ දෙදෙනාගේ සැබෑ ගුවන් ගමන්බලපත් තුර්කියට යවා එහි සිටින කිසියම් පුද්ගලයෙකු විසින් ව්‍යාජ වීසා ස්ටිකර අලවා ආපසු ශ්‍රී ලංකාවට එවා ඇති බව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ අතර මොවුන් සතුව තිබී අන්සතු ගුවන් ගමන් බලපත්රයක්ද අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එයද ව්‍යාජ වීසා ලබා ගැනීමේ අරමුණින් කැනඩාවට රැගෙන යාමට උත්සහ කර ඇති බවට පොලීසිය සැක කරයි.
ඉන් සුළු මොහොතට පසු තවත් තරණියක් සමග පැමිණ තරුණයෙක්වද මේ අයුරින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් විය.
ඔවුන් දෙදෙනාද ගුවන් තැපෑලෙන් ඔවුන්ගේ සත්‍ය ගුවන් ගමන් බලපත් කැනඩාවට යවා ව්‍යාජ වීසා ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
විදේස රටවලට තරුණ තරුණියන් යවන තවත් මිනිස් ජාවාරමක සුල මුල හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ෂණ අරඹා තිබේ.