විදේශ රටවල් යහපාලන ආණ්ඩුවට උදව් කරන්නනම් නොයෙක් දේවල් ඉෂ්ඨකරන්න කියලා පනවපු සමහර කොන්දේසි ආණ්ඩුවෙම ඉහළ පෙළේ කෙනෙක් දෙන්නෙක් අතින් කැඩෙන එක ගැන විදේශ කටයුතු භාර ඇමැති සයිස් මහත්තය හරිම අප්සෙට් ගහලලු.
පසුගිය ආණ්ඩුව කරපු කියපු දේවල් ගැන කරන කියන නොයෙක් පරීක්ෂණ මේ රටේ විදියට කරන්න යෑම යුරෝපයෙත් යැංකි රටෙත් විවේචනයට ලක්වෙලා... විදේශ කස්ටියගෙන් වග උත්තරත් අහලලු.
ඇමැති එකක් කියද්දි මහ තැන්වලින් වෙනත් දෙයක් කියන කොට ඇමැතිගේ බල බිඳෙන එක ගැන උන්නැහේ නොසතුටින් ඉහළට කරැණු දැක්කුවලු..
මේ වගේ විෂයන් ගැන කතා කරන්න කලින් මටත් කියන්න කියන එකලු එයාගෙ ඉල්ලීම හැබැයි ආණ්ඩුවෙ ඉහළ තැන් ඒ ඉල්ලීම ඒ හැටි ගණන් ගන්නෙ නැතිලු... ඒ නිසා දැන් විදේශ අංසෙ කස්ටිය කියන්නෙ අපි දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉඳිමු කියලලු.