උමා ඔය ගොවීන්ට වන්දි


උමාඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයෙන් පීඩාවට පත්වන ජනතාවට දෙසැම්බර් 31 වන දිනට පෙර නළ ජල පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මහවැලි අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (4) දැනුම් දුන්නේය.

ගොවීන්ගේ වගා වලට සිදුවන හානියට වන්දි ලබා ගැනීම සඳහා මහවැලි අමාත්‍යාංශය හරහා අයදුම්පතක් යොමු කරන ලෙසද දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ මෙම සිද්ධියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටිනන පුද්ගලයින් පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.