උමා ඔයට මහ උසාවියෙන් විසඳුමක්


උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයෙන් සිදුවන හානියට විසඳුම් සෙවීම සඳහා සියලූ පාර්ශවකරුවන් නීතිපති සමග ලබන සඳුදා (09)සාකච්ඡා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) දැනුම් දුන්නේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ බුවනෙක අළුවිහාරේ මහත්වරුන් හමුවේ පෙත්සම සලකා බැලිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පාරිසරික වශයෙන් හානි සිදුවූ අයට විසඳුම් ලබා ඇති බවයි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කියා සිටියේ එහෙත් මෙම ව්‍යාපෘතිය නිසා දේපළ හා බෝග වලට සිදුවන හානියට මෙතෙක් පූර්ණ විසඳුමක් ලැබී නැති බවය.