උයන්ගොඩට නිර්මාල්ට පලා බෙදයි


ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්වරුන් ඉවත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඔවුන් වෙන ලිපි යවා ඇත.

විශ්‍රාම වයස පසු කළ අධ්‍යාපන ලේකම්වරයකු අමාත්‍යංශයේ තබාගෙන සිටින යහපාලන රජය බුද්ධිමතුන් තනතුරුවලින් ඉවත් කිරීම තරයේ හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ජාතික අධ්‍යාපන ආයතනයේ සියලු ක්‍රියා අනුමත කරමින් ඇමැතිවරයාගේ සෑම ක්‍රියාකාරකමකටම හිස නමමින් සිටිනවා වෙනුවට අඩුපාඩු පෙන්වා දීම නිසා ඔවුන් ඉවත් කරන්නට ඇති බව ද ස්ටාලින් මහතා කීවේය.

මහාචාර්ය ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ජයතිලක සහ මහාචාර්ය ඩී එස් එපිටවත්ත මහත්වරුන් ද පාලක සභාවෙන් ඉවත් කර ඇතැයි දැනගන්නට ඇත.

letter-nir