ඌව මහ ඇමැති ගාලු මැයි රැලියට යන බව කියයි


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැලියට තමන් සහභාගීවන බව ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

‘මම ඌව පළාත් සභාවේ කිසිම ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට බලපෑම් කරන්නේ නැහැ ගාල්ලේ මැයි රැලියට එන්න කියලා. තමන්ගේ කැමැත්තෙන් මැයි රැලියට යන්න ඕනෑ. එදා අපි මැයි රැලිවලට ගියේ ගෙදරින් කෑම පාර්සලයක් අරගෙන. නැතිනම් පිරිස එකතුවී මගදී උයාගෙන කනවා. තරුපහේ හෝටල්වල කන්න දුන්නේ නැහැ. කිරුළපන රැලියේ ඉන්නේ ආණ්ඩු විරෝධී අය. ගාල්ලේ ඉන්නෙත් ඒ අය. නැත්නම් එක්සත් ජාතික පක්ෂයට වාසිය ලැබෙනවා.‘ යැයිද ඔහු කීවේය.