එකමුතු පාර කපන්න රෙජිනෝල්ඩ් යාපන සරසවියේ


යාපනය විශ්ව විද්‍යාලයේ  විද්‍යා පීඨ සිසු ගැටුම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල නිලධරයන් හා සිසුන් සමග සාකච්ඡා කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ  මහතා අද  (18) දින යාපනය සරසවියට ගියේය.

ගැටුම හේතුවෙන් මේ වන විට විද්‍යා පීඨයට නිවාඩු දී ඇති අතර මේ වනවිට රැදී සිටින නේවාසික සිසුන් සමග කෙටි සාකච්ඡාවක යෙදුණු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සිසු සිසුවියන්ට ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් ජනපති, අගමැති හා උසස් අධ්‍යාපන ඇමැති දැනුම්වත්කර සියලු දෙනාට සහජීවනයෙන් ජීවත් වීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට ඉක්මන් විසඳුම් ගන්නා බවයි.

පසුගිය 17 දා යාපනය සරසවියේ විද්‍යා පීටයේ සිසුන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් සිසු සිසුවියන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලැබූ අතර රෝහල් නොගොස් සුළු තුවාල ලැබූවන් 25 ත් 30 ත් වූ අතර ඉන් එක් සිසුවකු  බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

DSC_0013 DSC_0014 DSC_0025