එක් දවසකට කෝටියක් දෙන්නලු


2016-08-13-ent-07

"රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර් ඉදිරියේදී රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිත "Jolly LLB 2" චිත්‍රපටයේ එක් දිනක රූපගත කිරිම් සඳහා ඔහු ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ඇති බව සඳහන් වේ.

චිත්‍රපටය නිෂ්පාදනය කරන "ෆොක්ස් ස්ටාර්" කණ්ඩායම එයට කැමැත්ත පළ කොට ඇති බව වාර්තා වන අතර, ඔවුන් චිත්‍රපටය ඉතා ඉක්මණින් අවසන් කරන්නට සැලසුම් කර ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත්, ආක්ෂේ කුමාර් සමගින් එහි උප ප්‍රධාන චරිතය නිරූපණය කරන ආර්ෂාව් වාසීට මුළු චිත්‍රපටය සඳහාම ලබා දෙන මුදල වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 3.75ක මුදලක් බව සඳහන් වේ.

මෙම තොරතුරු වාර්තා කරන "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය සඳහන් කරන්නේ බොලිවුඩයේ සුපිරි තරු වන සල්මාන් ඛාන්, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, රිතික් රෝෂන් වැන්නන් දිනකට එවැනි විශාල මුදලක් අය නොකරන බවය.

 

2016-08-13-ent-08
2016-08-13-ent-06