එක්නැලිගොඩ බිරියගේ පෙත්සමට ප්‍රතිවිරෝධතා ඉල්ලයි


අතුරුදන්ව සිටින ප‍්‍රගීත් එක්නැලිගොඩ සිටින තැනකින් වහාම අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ ගොනු කළ හබයාස්කෝපූස් පෙත්සම සම්බන්ධයෙන් වන ප‍්‍රතිවිරෝධතා ලබන 28 වැනිදාට පෙර ගොනු කරන්නැයි  අභියාචනාධිකරණය අද (7) නියෝග කළේය.

පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න සහ විනිසුරු එම්.එම්.ඒ.ගෆූර් මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවුණු අතර පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , හෝමාගම පොලිස් ස්ථානාධිපති , යුදහමුදාපති, යුදහමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා , නීතිපති ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.