එක්ස්ප්‍රස් පර්ල් යන්නම යයි


(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැ‍ගෙනයාමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

එම නෞකාව කපා ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කරන්නේ චීනයේ ෂැන්හයි ෂෙල්වේජ් (Shanghai Salvage) නම් ආයතනය මගිනි. 

සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි මාසයේ දී කොළඹ වරාය අසල මුහුදේ සති දෙකකට ආසන්න කාලයක් ගිනි ගනිමින් තිබී මුහුදුබත් වූ අතර, නෞකාවේ කොටස් එහි හිමිකාරීත්වය දරණ සමාගම් විසින් රැගෙනයාම සිදුකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  සභාපතිනී දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවාය.

 මෙම සියලු කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් හා නියාමන යටතේ සිදුකරන බව ද ඇය කීවාය.

සමුද්‍රීය පරිසරයට විය හැකි හානි අවම කර ගනිමින් මෙම කටයුතු සිදු කරන බව ද ඇය සඳහන් කළාය.