අප අතරින් සමුගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ට එකොළොස් හැවිරිදි එමා වොට්සන් සමග විවාහ වීමට අවශ්‍ය කළ බව පසුගිය සතියේදී අනාවරණය විය. මෙය හෙළිවූයේ වෛද්‍ය කොන්රඩ් මරේ විසින් මයිකල් ජැක්සන් පිළිබඳ රචනා කරන ලද "This is It" නම් කෘතියෙනි. එනම්, ජීවත්ව සිටි අවධියෙත් මතභේදාත්මක වූත්, එහෙත් ඉතා රසවත් ජීවිතයක් ගත කළ මයිකල් ජැක්සන්ට මෙවැනි හිතක් පහළ වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපටය තිරගත වූ කාලයේදීය.
කෙසේ වෙතත් 2009 වසරේදී මත්ද්‍රව්‍ය ඕනෑවට වඩා භාවිත කිරීම හේතුවෙන් වයස අවුරුදු පණහෙදි ජීවිතයට සමුදුන් මයිකල් ජැක්සන්, එමා වොට්සන්ට පස් හැවිරිදි වියේ පටන්ම ආදරය කර ඇති අතර, ඔහු සැලසුම් කර ඇත්තේ වයස අවුරුදු එකොළහේදී ඇයව සිය බිරිඳ කර ගැනීමටය.