එස්බීගේ ආරක්ෂක නිලධරයන් දෙදෙනා රිමාන්ඩ්


(රංජිත් රාජපක්ෂ)                       

ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටියේ දී තරුණයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදු කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනා නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද (7) නියෝග කළේය‍.

අදාළ සැකකරුවන් දෙදෙනා 11 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය‍.