ඓශ්වර්යා එක්ක 'ආරාධ්‍යා' කෑන්ස් ගිහින්


20160516Aish-1බොලිවුඩයේ අංක එකේ කිරුළ කාලයක් හිමිකර ගෙන සිටි සුරූපී ඓශ්වර්යා රායි බච්චන් පසුගිය සති අන්තයේදී ප්‍රංශයේ කෑන්ස් නුවර පැවති 69 වැනි 'කෑන්ස්' සිනමා සම්මාන උලෙළ සඳහා සහභාගී වී සිටිනු දක්නට ලැබුණි. ඓශ්වර්යාට අමතරව දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නිළි ඇමී ජැක්සන්, බොලිවුඩයේ සුරූපී නිළි සෝනම් කපූර්ද බොලිවුඩ් සිනමාව නියෝජනය කරමින් මෙම සිනමා සම්මාන උලෙළට එක්ව තිබුණි.

කෙසේ වෙතත්, මෙම සිනමා නිළියන් තිදෙනාට වඩා මෙවර ප්‍රංශ චිත්‍රපට මාධ්‍යය වඩාත් උනන්දු වී තිබුණේ ඓශ්වර්යා රායි බච්චන්ගේ දියණියද සිය මව සමගින් මෙම 'කෑන්ස්' සිනමා සම්මාන උලෙළට එක්ව තිබීමය. ඇය රතු පළසේ ගමන් නොගත්තද විදෙස් මාධ්‍යයන් ඇයගේ ඡායාරූප රැසක් එරට මාධ්‍යයන් හරහා මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි හරහාද පළකර තිබුණි. ඓශ්වර්යා මෙරට සම්මාන උලෙළේදී සිය අලුත්ම චිත්‍රපටය වූ 'සර්බ්ජිත්' චිත්‍රපටයද, සෝනම් කපූර් රඟපෑ 'නිර්ජා' චිත්‍රපටයද, ඇමී ජැක්සන් ප්‍රධාන චරිත නිරූපණය කරන '0.2' චිත්‍රපටයද මෙවර 'කෑන්ස්' සම්මාන උලෙළේදී වැඩි දෙනාගේ කතාබහටද ලක්විය. 

20160516Aish-2 20160516Aish-3