"අවසාන ප්‍රේමයයි මාගේ" ගීතයේ පිළිතුරු ගීතයත් සමග විශාල ජනප්‍රියත්වට පත්වූ ඔෂානි සන්දීපා ඇයගේ නවතම ගීතය පිළිබඳව ඇය අපත් සමග මෙසේ පැවසුවාය.
"මේ දවස්වල වැඩ කටයුතු කියලා විශේෂයක් නැහැ. ආයේ අලුත් සිංදුවක් කරනවා. ගීතය පටිගත කරලා තියෙන්නේ. ඒකට විෂුවල් එක කරලා අවුරුද්දෙන් පස්සෙ එළියට දානවා ඒක.
සාමාන්‍ය පෙළ ඉවර කරලා, උසස් පෙළ වැඩකටයුතු සඳහා සූදානම් වෙනවා. ඊට අමතරව අප්‍රේල් මාසයේ දිගටම සංගීත ප්‍රසංග තියෙනවා සහ විදෙස් සංචාර තියෙනවා. අප්‍රේල් මාසයෙන් පස්සෙ ඒවා පොඩ්ඩක් අඩුකරලා උසස් පෙළ කටයුතු කරගන්න තමයි හිතන් ඉන්නේ. ගොඩක් අය කියනවා තව සිංදුවක් කරන්නෙ නැද්ද කියලා. මොකද අනෙක් සිංදු දෙකම කරලා ගොඩකාලයක් වෙනවනේ. ඒ නිසා අනෙක් සිංදුව කරලා Making Video එකකින් දාන්නේ නැතුව වීඩියෝවක් කරලා දාන්න තමයි හිතන් ඉන්නේ. අවුරුදු කාලය නිසා දැන්මම එළිදක්වන්නෙ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ එකේ පද රචනය මගේ තාත්තාගේ. අනෙක් ගීතවල පදවලට වැඩිය අර්ථයක් තියෙන විදිහට තමයි පද ලියැවිලා තියෙන්නේ. ඒකත් ආදර ගීතයක් තමයි. පසන් ලියනගේ අයියා තමයි මියුසික් කළේ. ඇත්තටම මම කරපු ගීත දෙකට වැඩිය මේ ගීතය ගොඩක් Feel වෙනවා කියලා තමයි මට දැනෙන්නේ. සිංදුව ගොඩක් ලස්සනයි. ගැහැනු ළමයෙක්ට දැනිච්ච දුකක් සමග ආදරය කරන කෙනාව හොයාගෙන එයාට එන්න විදිහක් නැතුව එයාව හොයාගෙන සුවඳ හරාවත් එන්න කියන ලොකු අර්ථයක් තියෙන ගීතයක් තමයි මේ ගීතය."
ඩිලාන් ක්‍රිෂාන්ත