විසි හය වසරක් තිස්සේ ඔස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර සිට ගායනා දක්ෂතා පෙන්වන ඔහු නමින් ගායක ශිල්පී නිහාල් සිරිවර්ධනය. වෘත්තියෙන් එරට ජාතික තැපැල් සේවයේ නියුතු නිහාල් සිරිවර්ධන මහතා කෙටි නිවාඩුවකට දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙරට රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා ඔස්සේ ඔහු විසින් ගායනා කළ "නිසල ගංතීරේ" ගීතය ප්‍රචාරය වීමත් සමග ජනප්‍රියත්වයට පත්ව සිටියි.
ප්‍රියන්ත නාවලගේ සංගීතයෙන් හා තනුවෙන්ද, ග්‍රේෂන් නවරත්න ගේ පද රචනයෙන් නිර්මාණ කෙරුණු මෙම ගීතයේ රූප රචනය ඉකුත්දා ලංකාවේදී ප්‍රථමයෙන් විකාශය වූයේ ජාතික රූපවාහිනියේ නුගසෙවණ වැඩසටහන හරහා බව සිරිවර්ධන මහතා කියා සිටියේය. අභාවප්‍රාප්ත කලාකරු නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ දියණිය වන සජිනි විසින් අධ්‍යක්ෂණය කළ "නිසල ගංතීරේ" ගීතයේ රූප රචනය මේ වනවිට අන්තර්ජාලයේ YOU TUBE ඔස්සේ නැරඹිය හැකි බව හෙතෙම පැවසීය.
සිය නවතම ගීත නිර්මාණ හා ගායන දිවිය පිළිබඳව නිහාල් සිරිවර්ධන මහතා "නිසල ගංතීරේ" ගීතයේ රූප රචනාව මෙරට ගීත රසිකයන් අතට පත්කිරීමට අවස්ථාව ලැබීම ගැන ඇත්තේ අපමණ සතුටක්. මෙය රසිකයන් ඉක්මනින් වැලඳගන්නා ගීතයක් බව විශ්වාසයි. ජාතික රූපවාහිනියට අමතරව දෙරණ හා ලක්හඬ යන ගුවන්විදුලි නාළිකාවලද මෙම ගීතය මේ දිනවල විකාශය වනවා. මේ ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.
මා ලංකාවේ රැඳී සිටි මේ කෙටි නිවාඩුවේදී මා විසින් ගීත නිර්මාණ අටක් මෙරට හා මෙල්බර්න් නුවර සිටින ලාංකික රසියකයින් අතට පත්කොට තිබෙනවා. රසිකයන්ගෙන් මෙම නිර්මාණවලට ලැබී ඇති ප්‍රතිචාර හමුවේ තවත් මාස කිහිපයකින් ගීත ඇල්බමයක් නිකුත් කිරීමේ බලාපොරොත්තුවක්ද තියෙනවා.* යැයි පවසා සිටියේය.
රොමේෂ් ධනුෂ්ක සිල්වා