කංගනා සල්මාන් එක්ක තරහා වෙලා


බොලිවුඩ් සිනමා චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන නිළිය වන කංගනා රනවුත් පසුගියදා ප්‍රසිද්ධියේම මාධ්‍යය අමතමින් පවසා ඇත්තේ, තමා සල්මාන් ඛාන් සමගින් දැඩි කෝපයකින් පසුවන බවයි. එමෙන්ම ඔහු සමග වර්තමානයේ කිසිදු මිතුදමක් නොපවත්වන බවද ඇය පවසා තිබෙනවා. මේ පිළිබඳව %සන්ටා බන්ටා^ වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ සල්මාන්ගේ %සුල්තාන්^ චිත්‍රපටයේ රූපගත කිරීමක් අතරතුරදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට කංගනා අලළා සල්මාන් යම් වරදකාරී හැඟීමක් ඇති කරන පිළිතුරක් ලබාදීම හේතුවෙන් දෙදෙනා අතර, මෙම විරසක වීමට හේතුව වී ඇති බවයි.

පසුගිය කාලයේදී කංගනා, රිතික් රෝෂන් සමගින් ඇතිකරගත් අර්බුදයේදී සල්මාන් රිතික්ට වාසිවන අන්දමට සහය වී තිබුණ අතර, අවස්ථා කිහිපයදීම සල්මාන් කංගනාව ප්‍රසිද්ධියේම වරදකාරිය බවටද පත් කර තිබුණා. ඒනිසාම මෙම ප්‍රශ්නය දුරදිග ගොස් ඇති අතර, කංගනාද මේ වනවිට සල්මාන්ට එරෙහිව විවිධ චෝදනා නගමින් මාධ්‍යය සමගින් ගනුදෙනු කරමින් සිටින බවටද තොරතුරු ලැබෙන බව මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා.