කංගනාට රිතික්ගෙන් නඩුවක්


20160402Kangana

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවුත් මේ වනවිට නඩුවක පැටලී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙසේ කංගනාට නඩු පවරා ඇත්තේ ඇය සමගින් "ක්‍රිෂ් 3" වැනි චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ රිතික් රෝෂන්ය. මෙසේ රිතික්, කංගනාට එරෙහිව නඩු පවරා ඇත්තේ ඇය ඔහුට අසැබ් ඊ-මේල් පණිවුඩ හා ඡායාරූප කිහිපයක් සිය මේල් ගිණුමට එවා තිබීම හේතුවෙනි. කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් කංගනාද පවසා ඇත්තේ තමාට පෙර රිතික් තමාගේ ඊමෙල් ගිණුමට අසැබ් පණිවුඩ හා ඡායාරූප එවූ බවය. නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ කරන විට පොලීසිය විසින් සොයාගෙන ඇත්තේ [email protected] නම් ඊමේල් ලිපිනය රිත්ක් රෝෂන්ගේ නොවන බවත්, එම ඊමේල් ලිපිනය කිසියම් හෝ පුද්ගලයෙකු විසින් ව්‍යාජව සකසා ඇති බවයි.