කට කතා බලාපොරොත්තු විය යුතුයි


2016-07-15-ent-36

නම ?  

Shehara Franciscus 

 

ඉගෙන ගත්ත පාසැල?

2016-07-15-ent-38මෙල්බන් නුවර පාසැලක.

 

උපන් ප්‍රදේශය?

කොළඹ.

 

පවුලේ විස්තර?

මව්පියන් සහ අයියා.

 

කලාවට සම්බන්ධ වෙන්නේ කොයි කාලෙද?

2012දී

 

ගෙදරින් අකමැති වුණේ නැද්ද?

නැහැ.

 

මුලින්ම සම්බන්ධ වෙන නිර්මාණය?

කුසපබා.

 

මොකද හිතුනේ කලාවට සම්බන්ධ වීම ගැන?

අලුත් අත්දැකීමක්. රඟපෑමෙන් ඉමහත් තෘප්තියක් ලැබුවා. 

 

කොහොමද මායා චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නේ?

සෝමා එදිරිසිංහගේ Heart to heart foundation walk එකේදි පුබුදුව මුණගැසුනා. එයා මාව ඩොනල්ඩ් ජයන්තට හඳුන්වා දුන්නා.

 

මුලින්ම රඟපාද්දී මොකද හිතුණේ?

මුලින් චකිතයක් තිබුණා. නමුත් රඟපානවිට එය මගහැරී ගියා.

 

පුබුදු චතුරංග ඔබේ පෙම්වතාගේ චරිතය කරන්නේ. කොහොමද ඔහුගෙන් ලැබුණ සහයෝගය?

ලොකු සහයෝගයක් ලැබුණා.

 

කට කතා ගැන මොකද හිතෙන්නේ?

කට කතා බලාපොරොත්තු විය යුතුයි. මම ඒවා හිතට ගන්නේ නැහැ.

 

ඒවාට බය නැද්ද?

නැහැ.

 

දිගටම රඟපානවාද?

දැනට නැහැ.

 

රැකියාව විදියට ඔබ කරන්නේ රංගනයද?

නැහැ.

 

ආදරය ගැන මොකද හිතෙන්නේ?

ආදරය සුන්දර දෙයක්.

 

දැන් ආදරය කරන්න කෙනෙක් ඉන්නවද?

නැහැ.

 

මොනවගේ කෙනෙක්ටද කැමති?

උගත්, නිහතමානි පුද්ගලයෙකුට.

 

රංගන ක්‍ෂෙත්‍රයේ කෙනෙක්ගෙන් ප්‍රේම ආරාධනාවක් ලැබුණොත් පිළිගන්නවද?

උඩ සඳහන් අංගවලින් පරිපූර්ණ පුද්ගලයෙකු නම් සලකා බලන්න පුළුවන්.

 

සිනමා නිර්මාණ විතරද කරන්නේ, පුංචි තිරයේ දකින්න පුළුවන්ද?

අදහසක් නැහැ.

 

කොහොමද චරිත තෝරා ගන්නේ?

හොඳට හිතලා බලලා, මව්පියන්ගෙන් අවසර ඇතුව.

 

ෂෙහාරා ගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

සතුටින් ජීවත්වීම.

 

 

අනූෂා රණසිංහ