කටාර් හි හිටපු අගමැති හමාඩ් බින් ජසීම්ගේ දියණිය සල්වා බින් ජසීම් කුමරිය ලන්ඩනයේ ඇයගේ නිවසක පිරිමි 7 දෙනකු සමග සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා කියයි.
ඇය පිරිමින්ට මුදල් ගෙවා ලබාගත් බවත් තමා ගණිකා වෘත්තියේ නොයෙදුණු බවත් පොලිසියට කියා ඇත. නමුත් බ්‍රිතාන්‍ය නීතිය යටතේ පිරිමින් ගණිකා සේවයේ යෙදවීම තහනම් වීම සහ අපරාධ චෝදනා සහිත අය එම පිරිසේ සිටීම හේතුවෙන් පොලිසිය ඇය අත්අඩංගුවට ගනු ලැබ සිටී.
ඇය සතුව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබීම නිසා ඒ පිළිබඳ තානාපති කාර්යාලය දැනුම්වත් කර ඇති බවද කියති. මෙම සිද්ධිය මාධ්‍යයෙන් වසන් කිරීමට තානාපති කාර්යාලය බොහෝ උත්සාහ දරා ඇති නමුත් මේ වන විට ලොව පුරා වෙබ් අඩවි රැසක මෙම පුවත ප්‍රචාරය වන බවත් බ්‍රිතාන්‍ය වාර්තා පවසයි.