(ටී.කේ.ජී.කපිල)
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ .
මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 35 දෙනකු පමණ මේ වනවිට මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ඇතුළත් කර තිබේ .
අධික වමනය සහ බඩයෑම නිසා මෙසේ මෙම සේවක සේවිකාවන් පිරිස රෝගී වී තිබේ.
කටුනායක පොලිසිය සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .