කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම?


අමතක කර දමා පැනවූ සුව                           නියම

ආ හැමදෙනා එක්වුණ කලකදි                මෙහෙම

අත්හල විටදි සිරුරින් හුස්මක                       මහිම

කඩදහි පෙට්ටියද දිවියක                      වටිනාකම?

(ආරියසේන හඳුවල)

දිගින් දිගටම රටේ කොවිඩ් මරණ වැඩිවමත් සමග දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී පියන්ත සහබන්දුගේ අදහසක් මත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට් සහන මිලට ලබාදීම පසුගියදා ආරම්භ කළේය.

ඒ අනුව ගල්කිස්ස නගර සභාවෙන් රුපියල් දහදාහක් වැනි ඉතා අඩු මුදලකට මෙම මිනි පෙටිටියත් අවමගල්‍ය රථයත් සියලුම සේවාවන් මෘත ශරීරාගාරයේ එම දේහය රැගෙන කනත්තේ ආදාහනය දක්වා සියලු කටයුතු කිරීමට කටයුතු යොදා ඇත.

එහිදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට්යක් අද (01 ) දෙහිවල නැදිමාල් කනත්තේ දී අදහනය කළ අයුරු 

(ඡායාරූප: ශාන්ත රත්නායක)