කඩුවෙල මහමෙව්නාවත් ජලයෙන් යටවෙයි


පවතින අධික වර්ෂාව හේතුවෙන් කඩුවෙල ප්‍රදේශය ජලයෙන් යටවිය. ජල ගැල්ම කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවටද බලපෑම් ඇති කළේය. මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ක්‍රියාත්මක වන කඩුවෙල අසපුවේ එම කටයුතු කරගැනීමට නොහැකිව අඩාල වී ඇත. ශ්‍රද්ධා රූපවාහිනී නාළිකාවේ විකාශන කටයුතු තාවකාලිකව නවතා ඇත.

එහි වැඩවසන හිමිවරුන් අසපුවේ ඉහළ මහලේ පමණක් රැඳී සිටින අතර අසපු භූමිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. නමුත් මහමෙව්නාව භාවනා අසපුවේ මූලිකත්වයෙන් රටපුරා අවතැන්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු ද ආරම්භ කර ඇති අතර ඔබට හැකි අයුරින් ඒ සඳහා දායකත්වය ලබාදීමට 071 232 88 26 අංකය අමතන ලෙස මහමෙව්නා අසපුවේ ලේඛකාධිකාරී අළුදෙණියේ සුබෝධි හිමියෝ ඉල්ලා සිටිති.

මේ අතර කඩුවෙල මෙන්ම කොළොන්නාව, මුල්ලේරියාව, අංගොඩ නගරය, වැල්ලම්පිටිය ප්‍රදේශයද ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශවල වැසියෝ දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි කියති. පාරවල් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු ද ඇන හිට ඇත.

13178806_1246570615355694_4548505984500689292_n 13226763_1246570612022361_6818373674810456395_n 13237813_1246570605355695_342627829324839802_n 13240551_1246570608689028_6786258092280795576_n

ඡායාරූප - ෆේස්බුක් අනුග්‍රහයෙනි

mulleriya_2016518 mulleriya_20165182 mulleriya_20165183 mulleriya_20165184

ඡායාරූප - ශාන්ත රත්නායක