කඩේ ගිනි තියා ලංකාවට පනින්න බැරි වෙයි


කැනඩාවේ අවන්හලකට ගිනි තැබී යැයි සැකපිට ශ්‍රි ලාංකිකයකු  ටොරොන්ටෝ නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි සි.ටී.වී.වෙබ් අඩවිය කියයි.

ජෙයකුමාර් ශන්මුගනාදන් ශ්‍රි ලංකාවට පැමිණීමට සූදානම්ව සිටියදී ටොරොන්ටෝ හි ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගත් බවත් 2009 දී  වුඩ්ස්ටොක් අවන්හලක ඇතිවූ ගින්න 
සම්බන්ධයෙන් 2014 දී සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු බවත් මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගැනීම සඳහා එරට අධිකරණයක්  වරෙන්තු නිකුත් කර තිබු නමුත් මොහු පොලීසිය මඟ හරිමින් සිටි බවත් කියති.