කණුවට බර වූ දුම්රිය


(ඩයනා උදයංගනී සහ කේ බුද්ධික කුමාරසිරි)

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා උදෑසන 5.25 ට  ගමන් ඇරඹූ අංක 9649 දරණ දුම්රිය කොස්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

දුම්රිය පීලි පැනීම නිසාවෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.

පීලි පනින ලද දුම්රිය එන්ජිම පීලි ගත කිරීම සහ දුම්රිය මාර්ගය අළුත්වැඩියා කිරීම දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර තිබුණි 

(ඡායාරූප: කේ බුද්ධික කුමාරසිරි)