කතක මුල් වරට පොදුරද මඩුලු මහ පුටුවේ


පොදුරාජ්‍ය  මණ්ඩලයේ නව මහලේකම්වරිය ලෙස  බ්‍රිත්‍යාන්‍ය ජාතික රාජ නිතිඥ වන පැට්‍රිෂියා ස්කොන්ලන්ඩ් බැරන්වරිය ලබන මස පළමු වැනි දා  වැඩබාර ගැනීමට නියමිත යැයි පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලයය කියයි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ධූරයට පත්වූ ප්‍රථම කාන්තාවද ඇයයි.

1955 ඩොමිනිකා රාජ්‍යයේ උපත ලබා පසු කලෙක බ්‍රිත්‍යානයේ පදිංචි වූ පැට්‍රිෂියා  ඒරට හිටපු නීතිපතිනිය වුවාය. ඇය පොදු රාජ්‍ය මණ්ඩලයේ හයවැනි ලේකම්වරිය වේ.

පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් ලෙස  ඉන්දීය ජාතික ආචාර්ය කමලේෂ් ෂර්මා ලබන 31 වැනි දා  අවසන් වීමට නියමිතය.