කත්‍රිනාගේ මිලියන 4 ෆෑන්ස්ලා


2016-07-19-ent-02

පසුගිය ජූලි 16 වැනිදාට යෙදී තිබුණ කත්‍රිනාගේ සිය 33 වැනි උපන්දිනය දා ඇයගේ "ෆේස්බුක්" ගිණුමට මිලියන 4ක රසික පිරිසක් එක්වර එක්ව තිබූ බව සඳහන් වෙනවා. එක්වූ පිරිස කත්‍රිනාට සිය උපන්දින සුබපැතුම් එක් කර තැනුණු වීඩියෝස්, සුබපැතුම් පත්, කෙටි පණිවිඩද ඒ අතර ඇයට ඒවා තිබුණා.

මෙම රසික, රසිකාවියන් මිලියන 4 සමග ඇය එදින පැය කිහිපයක් සජීවි කතාබහකටද එක්වූ බව සඳහන් වන අතර, බොහෝ දෙනෙකු එහිදී කත්‍රිනාගෙන් විමසා තිබුණේ ඉදිරි කලා කටයුතු පිළිබඳව හා පෞද්ගලික ජීවිතේද වෙනසක් සිදු කිරීමට කත්‍රිනා බලාපොරොත්තු වෙනවාද යන්නයි.

එමෙන්ම කත්‍රිනා සිය "ෆේස්බුක්" රසික, රසිකාවියන්ට වෙනසක් ලබාදීමේ අරමුණින් ඇය සිය මුම්බායි නිවසේ ස්ථාන කිහිපයකදී මෙම සජීවි කතාබහට එක්ව තිබුණ බවද සඳහන් වෙනවා.

 

2016-07-19-ent-01